Wayamba

(North Western Province)
වයඹ ගීතය

ශ්‍රී ජය නරනිඳු සෙවනින් පෝෂිත
නැංවූ හෙළ දද වාරියපොළ හිමි
දෑ අභිමානෙන් සැබි බව සුරකින
වයඹ උදා භූමි අසමාන පුණ්‍ය භූමි

සීහල උරුමය පණ්ඩුවාසපුර
යාපහු දඹදෙණි හස්තිශෛලපුර
රජ පෑ විරු දන පතුරා තෙද බල
දිනූ වයඹ ජය ධර්ම ප්‍රභාකර

නෙරළු තුරින් සැදි සාර භූමියයි
යළ මහ රන්වන් කරලින් නැලවෙයි
සාගර සම්පත ධීවර දෑතයි
මිණිරන් ලුණු කඳු අපේ නිධානයි

දෙසදෙස සුපතල නැටුම් කලාවයි
ජන හද බන්දන හෙළ ගැමි ගීයයි
ශිල්ප කලා රුඳි සාහිත සයුරයි
වයඹ ශ්‍රියාවී හෙළ සරසවියයි

සිංහල දෙමළද මුස්ලිම් සැම දන
ආගම් කුළ මල ජාති භේද නැති
සාමය සුරකින සාධු දනන් වැසි
සිරි ලක් ධරණී වයඹ රාජණී...